Sunday, April 8, 2012

ජනපති පූජා කළ අලියා ගුරුගේගේ සතුන්වත්තේ

වල් අලි ගම් වැදිලා : ගෙවල් 4ක් කඩා දමලා

දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්

අම්පාර, දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මඩවලලන්ද ග්‍රාම සේවා වසමේ විසි හය ජනපදයේ නිවාස හතරක් වල් අලින් කඩා බිද දමා ඇත. මේ ගම්මානයේ නිවාස එකසිය පනහක් පමණ තිබෙන අතර වල් අලින්ගෙන් වන හානි වැළැක්විම සඳහා ගම්මානයේ ආරක්ෂාවට ආරක්ෂිත අලි වැටක් ඉදිකර නැත. රාත්‍රි කාලයේ ගම්වදින අලින් දහවල් කාලය වන තුරුම ගම්මානයේ සැරිසරණ අතර වල් අලින් ගම් වැදිමේන් ජන ජිවිතයට තර්ජනයක් එල්ල වි ඇති බව ගම්වාසිහූ පෙන්වා දෙති.


ඩබ්ලිව් .ජි. සරත් කුමාර මහතා - මමත් ගෙදර අයත් මහ ගෙදරට ගිය වෙලාවේ රෑ 12ට විතර අලි ඇවිත් ගේ කඩලා ගිහින් තියෙන්නේ. අපි ගෙදර හිටියා නම් අනතුරක් වෙනවා. නිදාගන්න ඇද උඩටමයි බිත්තිය කඩන් වැටිලා තියෙන්නේ. ගේ ඇතුලේ තිබුණ වී උර ඇදලා වී කාලා විනාශ කරලා. දැන් කාලයක් තිස්සේ මේ කරදරේ තියෙනවා මේ ප්‍රශ්නේ ගැන අපි නිලධාරින් දැනුවත් කරලා තියෙන්නේ නමුත් වැඩක් වෙලා නෑ. රක්ෂිත කැලේ කියලා නම් කරලා ගල් දලා තියෙනවා. නමුත් මේ ගම්වලට අලි එන එක නවත්වන්න අලි වැටක් දාලා නෑ. මගේ ගෙදර බිත්ති දෙකක් පෙරලලා. වන ජිවි එකෙන් අලි පැන්නුවාට වැඩක් වුණේ නෑ. දැන් හවස් වෙන කොට අපි බයෙන් ඉන්නේ. කාගේ හරි ජිවිතයකට මේ අලි අනතුරක් කරයිද කියලා.

ඩි. එම් . සුදර්මා ජිවමාලි මහත්මිය - රෑ 11 විතර අලි තුන්දෙනෙක් විතර වත්තට ආවා. ටික වෙලාවකින් උන් වී තියෙන කාමරේට ගහන්න පටන් ගත්තා. අපිට හිතා ගන්න බැරි වුණා මොනවද වෙන්නේ කියලා. අපි කෑ ගැහුවට පස්සේ අලි යන්න ගියා.

රෑකට එළියට බහින්න වීදියක් නෑ. පාරක තොටක යන්න බෑ. කොයි පැත්තෙන් අලි මතු වෙයිද කියලා. අපිට බයෙන් සැකෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. හවස හය, හත වෙන කොට අලි ගමට එනවා. අද උදේ අලි ටික ගමෙන් යනකොට උදේ අටට විතර ඇති. කාටහරි අනතුරක් වුනාට පස්සේ මේ ගැන ක්‍රියාත්මක වෙලා වැඩක් නෑ. දැන්ම මේ අලි කොහේට හරි ගිහින් දැම්මොත් හොඳයි. පැන්නුවාට වැඩක් නෑ. අයෙත් ගමට එනවා. වනජිවි නිලධාරින් අපිට කලින් අලි වෙඩි දිලා තිබුණේ නෑ. ගෙට ගැහුවට පස්සේ තමයි දුන්නේ.



ආර්. ඩබ්ලිව්. රිචඩ් මහතා - උදේ පහට විතර තමයි අලි ආවේ. බිත්තියට එකපාරයි ගැහුවේ අපි ලයිට් එක දාලා කෑ ගහනකොට හැරිලා ගියා. එත් වත්තට වෙලා හිටියා.

‍අදත් එන්න පුළුවන්. අලි වැටක් නැති හින්දා අපිට මේ කරදරේ. බලධාරීන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. කව්රුවත් මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නෑ.

මේක අද ඊයෙක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා දැන්වත් විසදුමක් දුන්නොත් හොඳයි. මේ ගෙවල් කඩන එක දැන් පුරුද්දක් වෙලා. ගම ඇතුලේ තියෙන ගෙවල්වල ළමයින්ට ඉස්කොලේ යන්න උදේට පාරට එන්න වීදියක් නෑ. අලියා කෙහේ ඉන්නවද දන්නේ නෑති හින්දා. හදිසි ලෙඩෙක් එහෙම රෝහලකට ගෙනියන්න වාහනයක් වත් හොයාගන්න විදියක් නෑ.

මේ අලි කොහේ ඉන්නවද දන්නේ නැති හින්දා. මේ ගමේ මිනිස්සු හරි අසරණයි. ගොවිතැනක් කරගෙන ඉන්න විදියක් නෑ. වී කරල හැදෙනකොට කුඹුරට ඇවිත් කාලා යනවා. වී අස්වැන්න ගෙදරට ගෙනාවම බිත්ති කඩලා කාලා යනවා. මේ දුක කාට කියන්නද කියල අපිටම තේරෙන්නෙ නෑ.

http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n12040913

Pinnawala oil anointing ceremony: About 100 elephants to participate

Disna MUDALIGE

The traditional oil anointing ceremony at the Pinnawala Elephant Orphanage will be held on a grand scale on April 15, said Sabaragamuwa Chief Minister Mahipala Herath.

He said that about 100 elephants in the orphanage would take part in this event.

The Chief Minister Herath was addressing a recent press conference.

He added that a special avurudu table would be arranged for all the elephants in the orphanage during this New Year.

The National Zoological Gardens Department and Sri Lanka and Tourism Board have sponsored this event with the Economic Development Ministry.

The Chief Minister also said that three New Year festivals have been organized on a grand scale in three locations in Kegalle district by the Mahipala Herath Jana Sahana Foundation.

The first of these New Year festivals will be held at the Kegalle Urban Council rounds on April 14.

The second festival will be held in Rambukkana Bathabure grounds on April 15 and the third will be held on Warakapola Urban Council grounds on April 22. The festivals will include traditional New Year contests, such as, Beauty Queen contests, male and female bicycle races, marathon races, climbing the grease pole, costume contests etc. The winners will receive valuable prizes and money.

The festivals will be colourful with traditional dance, singing and cultural items. An elephant race will also be held on the New Year festival on April 15 in Rambukkana. This festival is open even for local and foreign tourists.

http://www.dailynews.lk/2012/04/09/news23.asp