Sunday, April 8, 2012

ජනපති පූජා කළ අලියා ගුරුගේගේ සතුන්වත්තේ

වල් අලි ගම් වැදිලා : ගෙවල් 4ක් කඩා දමලා

දිගාමඩුල්ල සමුහ චන්දන ලියන ආරච්ච්

අම්පාර, දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මඩවලලන්ද ග්‍රාම සේවා වසමේ විසි හය ජනපදයේ නිවාස හතරක් වල් අලින් කඩා බිද දමා ඇත. මේ ගම්මානයේ නිවාස එකසිය පනහක් පමණ තිබෙන අතර වල් අලින්ගෙන් වන හානි වැළැක්විම සඳහා ගම්මානයේ ආරක්ෂාවට ආරක්ෂිත අලි වැටක් ඉදිකර නැත. රාත්‍රි කාලයේ ගම්වදින අලින් දහවල් කාලය වන තුරුම ගම්මානයේ සැරිසරණ අතර වල් අලින් ගම් වැදිමේන් ජන ජිවිතයට තර්ජනයක් එල්ල වි ඇති බව ගම්වාසිහූ පෙන්වා දෙති.


ඩබ්ලිව් .ජි. සරත් කුමාර මහතා - මමත් ගෙදර අයත් මහ ගෙදරට ගිය වෙලාවේ රෑ 12ට විතර අලි ඇවිත් ගේ කඩලා ගිහින් තියෙන්නේ. අපි ගෙදර හිටියා නම් අනතුරක් වෙනවා. නිදාගන්න ඇද උඩටමයි බිත්තිය කඩන් වැටිලා තියෙන්නේ. ගේ ඇතුලේ තිබුණ වී උර ඇදලා වී කාලා විනාශ කරලා. දැන් කාලයක් තිස්සේ මේ කරදරේ තියෙනවා මේ ප්‍රශ්නේ ගැන අපි නිලධාරින් දැනුවත් කරලා තියෙන්නේ නමුත් වැඩක් වෙලා නෑ. රක්ෂිත කැලේ කියලා නම් කරලා ගල් දලා තියෙනවා. නමුත් මේ ගම්වලට අලි එන එක නවත්වන්න අලි වැටක් දාලා නෑ. මගේ ගෙදර බිත්ති දෙකක් පෙරලලා. වන ජිවි එකෙන් අලි පැන්නුවාට වැඩක් වුණේ නෑ. දැන් හවස් වෙන කොට අපි බයෙන් ඉන්නේ. කාගේ හරි ජිවිතයකට මේ අලි අනතුරක් කරයිද කියලා.

ඩි. එම් . සුදර්මා ජිවමාලි මහත්මිය - රෑ 11 විතර අලි තුන්දෙනෙක් විතර වත්තට ආවා. ටික වෙලාවකින් උන් වී තියෙන කාමරේට ගහන්න පටන් ගත්තා. අපිට හිතා ගන්න බැරි වුණා මොනවද වෙන්නේ කියලා. අපි කෑ ගැහුවට පස්සේ අලි යන්න ගියා.

රෑකට එළියට බහින්න වීදියක් නෑ. පාරක තොටක යන්න බෑ. කොයි පැත්තෙන් අලි මතු වෙයිද කියලා. අපිට බයෙන් සැකෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. හවස හය, හත වෙන කොට අලි ගමට එනවා. අද උදේ අලි ටික ගමෙන් යනකොට උදේ අටට විතර ඇති. කාටහරි අනතුරක් වුනාට පස්සේ මේ ගැන ක්‍රියාත්මක වෙලා වැඩක් නෑ. දැන්ම මේ අලි කොහේට හරි ගිහින් දැම්මොත් හොඳයි. පැන්නුවාට වැඩක් නෑ. අයෙත් ගමට එනවා. වනජිවි නිලධාරින් අපිට කලින් අලි වෙඩි දිලා තිබුණේ නෑ. ගෙට ගැහුවට පස්සේ තමයි දුන්නේ.



ආර්. ඩබ්ලිව්. රිචඩ් මහතා - උදේ පහට විතර තමයි අලි ආවේ. බිත්තියට එකපාරයි ගැහුවේ අපි ලයිට් එක දාලා කෑ ගහනකොට හැරිලා ගියා. එත් වත්තට වෙලා හිටියා.

‍අදත් එන්න පුළුවන්. අලි වැටක් නැති හින්දා අපිට මේ කරදරේ. බලධාරීන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. කව්රුවත් මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නේ නෑ.

මේක අද ඊයෙක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නිසා දැන්වත් විසදුමක් දුන්නොත් හොඳයි. මේ ගෙවල් කඩන එක දැන් පුරුද්දක් වෙලා. ගම ඇතුලේ තියෙන ගෙවල්වල ළමයින්ට ඉස්කොලේ යන්න උදේට පාරට එන්න වීදියක් නෑ. අලියා කෙහේ ඉන්නවද දන්නේ නෑති හින්දා. හදිසි ලෙඩෙක් එහෙම රෝහලකට ගෙනියන්න වාහනයක් වත් හොයාගන්න විදියක් නෑ.

මේ අලි කොහේ ඉන්නවද දන්නේ නැති හින්දා. මේ ගමේ මිනිස්සු හරි අසරණයි. ගොවිතැනක් කරගෙන ඉන්න විදියක් නෑ. වී කරල හැදෙනකොට කුඹුරට ඇවිත් කාලා යනවා. වී අස්වැන්න ගෙදරට ගෙනාවම බිත්ති කඩලා කාලා යනවා. මේ දුක කාට කියන්නද කියල අපිටම තේරෙන්නෙ නෑ.

http://www.dinamina.lk/2012/04/09/_art.asp?fn=n12040913

Pinnawala oil anointing ceremony: About 100 elephants to participate

Disna MUDALIGE

The traditional oil anointing ceremony at the Pinnawala Elephant Orphanage will be held on a grand scale on April 15, said Sabaragamuwa Chief Minister Mahipala Herath.

He said that about 100 elephants in the orphanage would take part in this event.

The Chief Minister Herath was addressing a recent press conference.

He added that a special avurudu table would be arranged for all the elephants in the orphanage during this New Year.

The National Zoological Gardens Department and Sri Lanka and Tourism Board have sponsored this event with the Economic Development Ministry.

The Chief Minister also said that three New Year festivals have been organized on a grand scale in three locations in Kegalle district by the Mahipala Herath Jana Sahana Foundation.

The first of these New Year festivals will be held at the Kegalle Urban Council rounds on April 14.

The second festival will be held in Rambukkana Bathabure grounds on April 15 and the third will be held on Warakapola Urban Council grounds on April 22. The festivals will include traditional New Year contests, such as, Beauty Queen contests, male and female bicycle races, marathon races, climbing the grease pole, costume contests etc. The winners will receive valuable prizes and money.

The festivals will be colourful with traditional dance, singing and cultural items. An elephant race will also be held on the New Year festival on April 15 in Rambukkana. This festival is open even for local and foreign tourists.

http://www.dailynews.lk/2012/04/09/news23.asp

Wednesday, February 8, 2012

Zoo DG frowns on proposal to DNA test and tag jumbos

By Ifham Nizam

Carrying out Deoxyribonucleic Acid (DNA) tests on elephants is a wonderful idea but it has to be done after careful observations as such things might lead to gene piracy or bio piracy, says National Zoological Gardens, Director General Bashwara Senanka Gunaratne.

The Director General responding to the recent recommendation by the Wildlife Conservation Forum that to prevent elephant theft, particularly baby elephants from the wild, a DNA test should be conducted and all elephants given to third parties should be tagged, says it is going to be a costly affair and queries, "who is going to collect them and bank them".

"These experiments have to be done very carefully or it might cause number of other issues. The Non-Governmental Organisations that get dollars and pounds can say whatever they feel but being a responsible body, we have to think about the tradition and culture and the role of elephants in pageants, and in the tourism sector," he said.

He says elephants are given to Temples and Devalas and elephant caretakers in a lawful manner in keeping with the age old traditions of the country.

Wildlife Forum’s Convener, Nayanaka Ranwella says donating elephants from the Pinnawala Elephant Orphanage to third parties should be stopped.

The first elephant calf was born in 1985 at the Pinnawala Elephant Orphanage. Since its inception in 1975, 67 elephant calves have been born in the Orphanage and 12 of these calves have been given to various people in 2011 alone, says Ranwella.

He adds that while only 67 calves were born in the Orphanage, but 85 calves have been given to the private sector for adoption during the same period.

"The worst part is that all top or healthy animals particularly males are given away, meaning it affects the breeding pattern in the Pinnawala elephant orphangae".

This orphanage, one and only in the world, originally founded to provide care and protection to the orphaned elephants found injured or sick in the jungles has the largest herd of captive elephants in the world and is a major tourist attraction.

Environmental Lawyer, Jagath Gunawardena says a DNA test would cost between Rs. 5,000 and 6,000 when done privately, and the amount could be much less if it is done in an institution like the Peradeniya University.

He also says that the cost of the test should be borne by those who wish to adopt the elephants.

Treasury steps in to save jumbo lives

Chamikara Weerasinghe

The Treasury has allocated Rs 200 million to the Wildlife Conservation Department to prevent the increasing number of elephant deaths due to train accidents.

The Treasury had released the money on the directives of President Mahinda Rajapaksa.

President Mahinda Rajapaksa had reportedly directed Treasury Secretary P B Jayasundara to lend his fullest co-operation to the project.

The number of elephants killed on account of being hit by trains last year is the highest number recorded so far, according to Wildlife Conservation Department's Elephant Conservation Unit Deputy Director W S K Pathirana.

"Fifteen jumbos, including a number of female elephants and calfs were found dead on rail tracks bordering national parks last year," he said.

"Overgrown shrubbery that have spread up to railway tracks have been the main cause for these accidents," he explained.

"The animals face fatal collisions as they get trapped between the shrubbery and steep embankment on either sides of the track," he explained.

"They go in search of food - leaves, twigs, flowers, grass and water at night. Most elephant-train accidents take place during late hours between 6 pm to 5 am," he added.

He said the Wildlife Department has commenced clearing the railway tracks in Kanthale where elephant deaths are frequent.

The department has started the activity with Sri Lanka Railways.

A 10-mile stretch of track is to be cleared to provide safe passage for the elephant under the project, he said.

Meanwhile, elephant conservators thanked the President stating that this is the first time that any government has allocated so much funds to resolve the human-elephant conflict.

Steps will be taken under the project to fill more stones between the sleepers of the tracks to prevent the elephants from getting stuck between them, they said.

Elephant Conservation Deputy Director Pathirana said they had discussions with Transport Minister Kumar Welgama about using 'night vision' cameras to monitor the movements of elephant herds as the trains wend their way through accident prone areas of the forest.

Minister Welgama has agreed to install infra-red night vision to facilitate the process of monitoring elephant movement at night as a pilot project, he said.

http://www.dailynews.lk/2012/01/24/news18.asp

To prevent elephant theft, wildlife enthusiasts want DNA testing and tagging of animals

By Ifham Nizam and Maheesha Mudugamuwa

To prevent elephant theft, particularly baby elephants from the wild, Wildlife Conservation Forum has requested the National Zoological Gardens and Pinnawala Elephant Orphanage to carry out Deoxyribonucleic Acid (DNA) tests on elephants given to private owners.

Forum’s Convener, Nayanaka Ranwella says they requested in writing from National Zoological Gardens, Director General Bashwara Senanka Gunaratne that all elephants given to private parties should not only go through a DNA test but also be tagged.

Despite, promising to do so, the Director General had failed to attend to the matter, claims Ranwella.

Addressing a media briefing at the National Library Auditorium on Wednesday, environmentalists said that normally when elephants were given away the National Zoological Gardens (NZG) came to an agreement with the receiving party. But the NZG has not signed any such agreement with receiving parties and has instead given sole ownership to the private owners.

Environmental Lawyer, Jagath Gunawardena says the agreement demands powers to the NZG to take back the elephant if it was found that the animal was not properly treated.

Most of the domesticated elephants are ill -treated, suffer from malnutrition and many died after suffering for years. Early deaths were a common feature, Environmental Conservation Trust, Convener Sajeeva Chamikara said.

Most of the domesticated elephants die without contributing to the breeding gene pool, he said.

Gunawardena said that according to the Ordinance, only the Department of Wildlife Conservation had the authority to capture elephants from the wild, only if, an elephant was identified as harmful to the crops or the public.

The necessary technical knowledge was available in the country to promote elephant conservation but he said it was not taking place effectively.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43522

සාමෝදාගමදී වල් අලියකු පහර දීමෙන් ශිෂ්‍යයා මරු දකී

ප්‍රමෝද් ශ්‍යාමල් -තංගල්ල අතිරේක

හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේදී ඉකුත් 13 වැනිදා සවස 6.30 ට පමණ වල් අලියකු පහරදී 13 හැවිරිදි පාසල් සිසුවකු මියගොස්‌ ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

සාමෝදාගම තමරකෝන් වැව අසලදී තම වගාවට දැමීම සඳහා ගොම එකතු කරමින් සිටි සිසුවාට අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි. මියගිය දරුවා අංක 12, සාමෝදාගම හම්බන්තොට ලිපිනයේ පදිංචිව සිටි ඩී.ජී.දුෂාන්ත මධුශාන් නමැති 8 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

මළ සිරුර හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයෙහි තබා ඇත. මරණ පරීක්‌ෂණය 14 දා පැවැත්වීමට නියමිතව තිබිණි.

හම්බන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.


http://www.divaina.com/2012/01/16/news04.html

Zoo, botanical gardens earned Rs. 1 bn last year


By Ifham Nizam

The national zoological garden and the three botanical gardens had jointly generated a record income of Rs. 01 billion in 2011.

The directors of the establishments are confident that with latest technologies and modern facilities, more visitors would visit the Zoo and the gardens this year.

A record number of people, both locals and foreigners, visited the three botanical gardens last year, which resulted in the highest revenue in the history of the gardens being generated.

According to National Botanical Gardens, Director General, Dr. Cyril Wijesundara last year 2,098,985 people visited the botanical gardens at Peradeniya, Hakgala and Gampaha.

"It is the highest number of visitors recorded in the history of the Department," Wijesundara.

The Economic Development Ministry says 1,862,222 local visitors and 236,763 foreigners visited the botanic gardens.

To date, the number of foreign visitors to this year (236,763) shows a 12.6 per cent increase when compared to the number of foreigners that visited last year (210,949).

The Department earned suchrecord revenue through entrance fees, plant sales, and rentals etc. The income amounted to Rs. 353.4 million.

"This is 96.7 per cent increase in revenue compared to the previous year 2010. (Rs. 179.6 million) for the similar period. The revenue earned from visitors to the garden is Rs.329 million and revenue earned from other sources was Rs.24.4 million," he said.

Meanwhile, the National Zoological Gardens had earned Rs. 651 million during 2011. This comprised 163 million rupees from Dehiwala Zoo, 487 million rupees from the Elephant Orphanage in Pinnawala and Rs.16 million from others.

This is the highest ever income in the history of the Department of National Zoological Gardens, says National Zoological Gardens, Director, Bhashwara Senanka Gunaratne. The National Botanical Gardens Department and Zoological Department together earned a record Rs. one billion last year.

There were 1,689,712 and 463,982 of local visitors and 20396 and 2,438,541 of foreign visitors to the Dehiwala zoo and Elephant Orphanage in Pinnawala.

Gunaratne told The Island that this was the highest number of visitors that visited the Zoological Gardens in the history of the Department.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43321

Zoological Dept notches top revenue

Disna Mudalige

The National Zoological Department had recorded the highest revenue and the highest number of visitors last year since its establishment, a Department spokesman told the Daily News.

He said that the total revenue earned by the department last year was over Rs 650 million whereas this was Rs 587 million in 2010.

The spokesman said that the National Zoological Gardens in Dehiwala recorded a Rs 163 million revenue last year while the Pinnawala Elephant Orphanage made a revenue of Rs 487 million. The Department had also earned Rs 16 million from other income sources.

He said that during last year, the total number of visitors to the Dehiwala Zoo and the Pinnawala Elephant Orphanage was 2.4 million, whereas this was 2.3 million in 2010. He said that 1.7 million people had visited the Dehiwala Zoo and 728,400 people had visited the Pinnawala Elephant Orphanage last year.

http://www.dailynews.lk/2012/01/16/news28.asp

වල් අලි ප්‍රශ්නය ඉවර නොකරන්නේ වනජීවී දෙපාර්තමේන්තුව වැසෙයි කියා බයටද?

- ඇමැති ටී. බී. ඒකනායක එස්‌. එම්. චන්ද්‍රසේන ඇමැතිගෙන් අසයි

අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හතරක්‌ රට පුරා ඇතිකරනවා
- ඇමැති චන්ද්‍රසේන


පොල්පිතිගම - වීරරත්න

ඔබතුමා වනජීවී ඇමැතිවරයා විතරක්‌ නෙමේ ගොවීන්ගෙත් ඇමැතිවරයා. ඒනිසා මේ ගැටලුව දිහා හොඳින් බලලා විසඳුමක්‌ දෙයි කියලා අපි විශ්වාස කරනවා. වනජිවී දෙපාර්තමේන්තුව මේක හරියට කරන්නේ නෑ. මැලේරියා මර්දන දෙපාර්තමේන්තුව වැහෙයි කියලා. බයට ඒ නිලධාරීන් කටයුතු හරියට කළේ නෑ වගේ වනජීවී දෙපාර්තමේන්තුව වැහෙයි කියල බයටද දන්නෙ නෑ මේ වල් අලි ප්‍රශ්නය ඉවර නොකරන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ තිරසාර විසඳුමක්‌ මේ සඳහා ලබාදෙන්න කියලයි.

සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා වල් අලි ගැටලුව පිළිබඳව විෂය භාර ඇමැතිවරයා දැනුවත් කරමින් මෙම අදහස්‌ පළ කළේ පසුගිය සිකුරාදා (06) දින පොල්පිතිගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී වනජිවී හා ගොවිජන සේවා ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය.

පොල්පිතිගම, මහව, අඹන්පොල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගොවීහු ග්‍රාම නිලධාරීහු, ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් සහ වනජීවී සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල නිලධාරීහු විශාල පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගිවී සිටියහ.

මෙහිදී ගොවීන් තම ප්‍රදේශවල පවතින ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය. ග්‍රාම නිලධාරීවරු සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුද වන අලි තර්ජන නිසා තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු ඉදිරිපත් කළහ. මෙහිදී විසඳුම් පිළිබඳව අදහස්‌ ඉදිරිපත් පත් කළ අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා(-

අපි දැනට දීර්ඝකාලීන විසඳුම් කීපයක්‌ සකස්‌ කරල මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. එයින් එකක්‌ අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන හතරක්‌ රට පුරා ඇති කරල අලි ඒ ගාල් වලට දාලා ආහාර සපයනවා. එයින් එක අලි ගාලක්‌ වයඹ පළාතේ රැස්‌වෙහෙරට ආසන්න රක්‍ෂිතයක ඉදිකරනවා. අලින්ට කෑම දෙන්න ලොකු වියදමක්‌ යනවා. ඒ මුදල හොයන්න අපි ඒ අලි ගාල්වලට සංචාරකයින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.

කලින් සංරක්‍ෂිත ගාල් තිබුණානම් අලින් විනාශ වෙන්නෙත් නෑ. සියඹලන්ගමුවේ ඇතා, දළ පූට්‌ටුවා එහෙම ඒ ගාල්වලට දාන්න තිබුණා. සියඹලන්ගමු ඇතා මිය ගියෙත් අපේ වරදකින්. අපි ඒක පිළිගන්නවා. ඉතින් දීර්ඝකාලීන විසඳුම් එහෙම තියෙද්දී දැනට ඔබ ඔය ඉදිරිපත් කරන මේ දිනවල පවතින අලි ගැවසීම ඉවත් කරන්න කඩිනම් විසඳුම් ලබා දෙන්නම්. හක්‌වටුනාව ප්‍රදේශයේ දැනට රැඳී සිටින අලි ටික ඒ ප්‍රදේශයෙන් ඉවත් කරන්න පලවා හැරීමක්‌ ඉතා කඩිනමින් කරන්න කියලා නිලධාරීන්ට පවරනවා. අලි වැට අලුත්වැඩියා කරන්නත් පවරනවා. මේ යෝජනාවල ප්‍රගතිය බලන්න මේ මාසෙම 20 වැනිදාට මම අමාත්‍යාංශය ලේකම්තුමා පොල්පිතිගමට එවනවා...


http://www.divaina.com/2012/01/09/news16.html

සත්ත්ව-උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 962 ක ආදායමක්

නිහාල් පී. අබේසිංහ

පසුගිය වසරේදි සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව හා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් දසලක්ෂ 962 ක ආදායමක් ලබා ඇතැයි ද සත්ව උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට පසුගිය වසරේදි දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ 43 ක් පැමිණ ඇති බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉහත ස්ථානවල ක්‍රියාත්මක සංවර්ධන හා සංරක්ෂණ වැඩසටහන් අනුව මෙම සංචාරක ආකර්ශනය සිදුවී තිබේ. මේ අනුව පසුගිය වසරේදි සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පසුගිය වසරේදි ලැබූ ආදායම රුපියල් මිලියන 651 කි. එම දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්ත්ව උද්‍යානය හා පින්නවල ඇත් අතුරු සෙවණ නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 24.5 කි.

දෙහිවල සත්ත්ව උද්‍යානය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයන් සංඛ්‍යාව පමණක් 1689712 ක් බව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර 2011 වර්ෂයේ ඉකුත් මාස එකොළහ තුළ පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ යන ජාතික උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 311.4 ක ආදායමක් ලබා ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි.

දේශීය සංචාරකයින් 1,694,088 ක්ද, විදේශීය සංචාරකයින් 213,972 ක්ද වශයෙන් සංචාරකයින් 1,908,060 ක් 2011 වර්ෂයේ මුල් මාස එකොළහ තුළ පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ යන ප්‍රධාන උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇත. මෙසේ සංචාරකයින්ගේ පැමිණීම පසුගිය වර්ෂය සමඟ සසඳා බලන කළ සියයට 7.8 ක වැඩිවීමකි.

ඒ අනුව මෙම වර්ෂය තුළ ෂ;දස් සංචාරකයින්ගේ පැමිණීම සියයට 12.6 ක වැඩිවීමක් දක්නට ලැබෙන අතර දේශීය සංචාරකයින්ගේ පැමිණීමේ වැඩිවීම සියයට 7.2 කි.


http://www.silumina.lk/2012/01/08/_art.asp?fn=aa1201084

Highest turnout for Pinnawela Orphanage

by Dhaneshi YATAWARA

The Elephant Orphanage in Pinnawala whas recorded the highest number of elephant births in 2011, according to the statistics of the Department of National Zoological Gardens. During the year, 15 elephant calves were born and nine of them were males.

Last year 2,438,541 foreigners visited the Orphanage. A total of 4,612,631 local and foreign tourists have visited the National Zoological Gardens, Dehiwala and the Pinnawala Elephant Orphanage.

The Department itself has recorded a highest ever income in its history. Accordingly the Department earned a total of Rs. 651 million in 2011 out of which the Pinnawala Orphanage had earned Rs. 487 million.

Many development projects were initiated in the Dehiwala zoo and at Pinnawala, in order to upgrade visitor facilities. Some of them have already been completed.

The construction work on the nursery of the Dehiwala zoo, where sick animal cubs will be treated, is to be completed by mid this year.

The Government has allocated Rs.914 million for the 2012 development program of the National Zoological Gardens Department. In addition to this, a six storied building for the reptile section, a water sump, a retaining wall for the swan pond, quarters for staff officers, extension to the main entrance, free roaming elephant enclosure, internal road network and six modern toilet complexes are also under construction.

http://www.sundayobserver.lk/2012/01/08/new22.asp

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට 2011 දී වාර්තාගත ආදායමක්

මහින්ද අලුත්ගෙදර

පසුගිය වසරේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය වසරේදී එම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 651 ක ආදායමක් වාර්තා කර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එහිදී දෙහිවල සත්වෝද්‍යානයෙන් රුපියල් මිලියන 163 ක්ද පින්නවල අලි අනාථාගාරයෙන් රුපියල් මිලියන 487 ක්ද ලැබී තිබෙන බව සඳහන් කරන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඊට අමතරව අනකුත් සත්වෝද්‍යාන වලින් රුපියල් මිලියන 16 ක ආදායමක් ලබා තිබෙන බවද කියා සිටී.

මෙම ආදායම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලැබූ ඉහළම ආදායම බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

එම වසරේදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 1,689,712 ක්ද විදේශීය සංචාරකයන් 20,396 ක්ද පැමිණ තිබෙන අතර පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 463,982 ක් සහ විදේශීය සංචාරකයින් 264,452 ක් පැමිණ තිබේ.

ඒ අනුව පසුගිය කාලය සමඟ සසඳා බලන කළ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් සත්වෝද්‍යාන නැරඹූ වර්ෂය ලෙස පසුගිය 2011 වසර ඉතිහාසයට එක්වන බව පවසන භාෂ්වර ගුණරත්න මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 824 ක් වෙනකර තිබෙන බවද මේ වසරේදී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 914 ක් වෙන්කර තිබෙන බවද කියා සිටී.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික සත්වෝද්‍යාන තුළ සතුන්ගේ මෙන්ම නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් 2011 වර්ෂයේදී ආරමිභ කර තිබෙන අතර මේ වන විට එම කටයුතු රැසක් අවසන් කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

දෙහිවල සත්වෝද්‍යානය තුළ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එය මේ වසර අවසන් වීමට ප්‍රථම අවසන් ඛ්ලමට අපේක්‍ෂිතය. ප්‍රතිකේෂ්ප කරන ලද පැටවුන්, නිසි මසට පෙර උපදින පැටවුන්, රෝගී තත්ත්වයේ පසුවන පැටවුන් ආදී විවිධ පීඩාවන්ට පත්වු කුඩා සත්ත්ව පැටවුන් රැක ගැනීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා අන්තර් ජාතික ප්‍රමිතියට අනුව මෙම මධ්‍යස්ථානය ඉදි කරනු ලැබේ.

ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 33 කි.

මීට අමතරව දෙහිවල සත්වෝද්‍යානය තුළ ඉදිවන රයිනෝ ප්‍රදර්ශන කලාපය වැදගත් තැනක් ගන්නා අතර අන්තර් ජාතික මටිටමින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති වටිනාකමින් වැඩිම සත්ත්ව කොට්ඨාසය ලෙස රයිනෝ සත්ත්ව කොට්ඨාසය හැඳින්වේ.


http://www.dinamina.lk/2012/01/06/_art.asp?fn=n1201064

Wednesday, February 1, 2012

අවුරුදු 1 1/2 ක්‌ වයසැති අලි පැටවකු හොරෙන් ගෙනයන තැත ව්‍යර්ථ වේ


කිසියම් පිරිසක්‌ විසින් මව් ඇතින්නගෙන් වෙන් කොට රිටිගල වන රක්‍ෂිතයෙන් අල්ලා ගෙන වාහනයක පටවා ගෙන හොරෙන් රැගෙන යැමට දැරූ උත්සාහය අසාර්ථක වූ තැන අතරමඟ දමා ගිය අවුරුදු 1 1/2 ක්‌ වයසැති අලි පැටවකු ගලෙන්බිඳුණුවැව හල්මිල්ලෑව ප්‍රදේශවාසීන් විසින් පසුව අල්ලා ගෙන පෙරේදා (11) වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.

අලි පැටවා අනුරාධපුර පණ්‌ඩුලගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ රැකවරණයේ සිටින අයුරු හා පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අලි පැටියා පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වේ - පර්සි කුරුනේරු


http://www.divaina.com/2012/01/13/provin02.html

පින්නවල අලි පැටව් ජාවාරමක්‌

ප්‍රියදර්ශන ලියනගේ

අලි පැටවුන් සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක්‌ පින්නවල අලි අනාථාගාරය කේන්ද්‍ර කොට ගෙන සිදුවෙමින් පවතින බව පරිසරවේදී සංජීව චාමිකර මහතා පැවැසීය.

සංජීව චාමිකර මහතා මෙම අදහස්‌ පල කළේ පින්නවල අලි අනාථාගාරයේදී අලි පැටවුන් ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයන්ට සහ ආගමික ස්‌ථානවලට කිසිදු විධිමත් සැලසුමකින් තොරව ලබාදීම නිසා අලින්ට සිදුවී ඇති කරදර පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දැක්‌වීම සඳහා ඉකුත් 18 වැනිදා සවස කොළඹ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ සංජීව චාමිකර මහතා පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පැටවුන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට ලබාදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ජනතාවගේ නාමයෙන් නතර කළ යුතුයි.

මෙම ජාවාරම පිටුපස රජයට සම්බන්ධ දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැසක්‌ සිටිනවා. පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළේ 1975 වර්ෂයේදියි. 1985 වර්ෂයේදී තමයි පළමු අලි පැටියා ලෙස සුකුමලි උපන්නේ. එදා සිට අද දක්‌වා අලි පැටවුන් 67 දෙනෙක්‌ පින්නවල අලි අනාථාගාරයෙන් බිහි වෙලා තිබෙනවා. මෙම අලි පැටවුන් අතරින් අලි පැටවු 12 දෙනෙකු 2011 වසර තුළදී පමණක්‌ විවිධ පුද්ගලයන්ට ලබාදී තිබෙනවා. මෙම අලි පැටවූ අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. ඔවුන්ට හරියට කෑම බීම ටිකවත් ලැබෙන්නේ නැහැ.

පරිසර මධ්‍යවේදී නයනක රන්වැල්ල මහතා -

පින්නවල අලි අනාථාගාරයෙන් විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති අලි පැටවුන් පිළිබඳව කිසිදු පසු විපරමක්‌ සිදු වෙන්නේ නැහැ. පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන් 67 ක්‌ බිහි වෙන කොට අලි පැටවු 85 දෙනෙක්‌ අලි අනාථාගාරයෙන් හදා වඩා ගැනීම සඳහා පෞද්ගලික අංශයට ලබාදී තිබෙනවා. නමුත් ඔවුන්ට පසුගිය කාලය පුරාම එක අලි පැටියෙක්‌ වත් අලුතෙන් බිහිකර ගන්න බැරි වී තිබෙනවා. එම නිසා මේ ජාවාරම දැන්වන් නතර කළ යුතුයි. දැන් මහ දවල් අලි සොරකරම් කරනවා. නමුත් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.


http://www.divaina.com/2012/01/21/provin03.html

හොරෙන් අලි පැටව් තබාගෙන ඉන්න අය ගැන වහාම තොරතුරු දැනුම් දෙන්න

- ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන කියයි

අනුර බාලසූරිය

බලපත්‍රයක්‌ නොමැතිව අලි පැටව් රඳවා ගැනීම නීතිවිරෝධී බවත් එවැනි කටයුතු ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු තමා වෙත වහා ලබාදෙන්නැයි ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

කෝට්‌ටේ මාදිවෙල නව සමනළ හෝටලයේදී ඉකුත් 17 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බැව් සඳහන් කළේය.

නීති විරෝධී ලෙස අලි පැටව් රඳවා ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධව ගනු ලබන පියවර මොනවාදැයි මාධ්‍යවේයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එවැනි වැරදි කරන අයට තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ ඇමැතිවරයා එවැනි පුද්ගලයන් තමා ආරක්‍ෂා නොකරන බවත් පැවැසීය.

ජාතික වනෝද්‍යාන මෙන්ම ඒවායේ වෙසෙන සතුන් ආරක්‍ෂා කිරීම අපගේ වගකීමක්‌ බවත්, මේවා තුළ කිසිදු නීති විරෝධී කටයුත්තකට ඉඩ නොතැබිය යුතු බවත් එවැනි නීති විරෝධී කටයුතු කරන අයට තමාගෙන් කිසිදු සමාවක්‌ නැතැයි ද කීය.

අප රටේ ජාතික වනෝද්‍යාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස්‌ කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රථමයෙන් එය යාල, බූන්දල අභය භූමිවලින් ආරම්භ කෙරෙන බවත් පැවසීය.

මෙම වනෝද්‍යාන තුළ වෙසෙන සතුන්ට හිරිහැරයක්‌ නොවන අයුරින් ඒවා සකස්‌ කිරීම මෙහි අරමුණ බවද පැවසූ ඇමැතිවරයා සµdරි සඳහා දැනට තිබෙන අබලන් වාහන වෙනුවට ඒවායේ නිරත අයට සහන ක්‍රමයකට නව වාහන ලබාදීම, වනෝද්‍යාන ඇතුළත මාර්ග සකස්‌ කර වේග සීමා ඇති කිරීම යනාදී කටයුතු මෙමගින් සිදු කෙරෙන බවද සඳහන් කළේය.

ජාතික විනෝද්‍යාන තුළින් ලැබූ ආදායම 2009 වසරේදී රුපියල් මිලියන 215 ක්‌ වූ අතර එය 2010 වසරේදී රුපියල් මිලියන 412 ක්‌ දක්‌වාත් 2011 දී රුපියල් මිලියන 545 ක්‌ දක්‌වාත් වර්ධනය කිරීමට හැකිවී ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම 2011 වසරේ මෙරටට පැමිණි විදේශ සංචාරකයන් නව ලක්‍ෂයකට ආසන්න පිරිසෙන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක්‌ වනෝද්‍යාන නැරඹීමට පැමිණ ඇතැයි කී ඇමැතිවරයා මෙමගින් ලැබෙන විදේශ විනිමය තවත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව, හොරොව්පතාන, මාදුරුඔය, වෙහෙරගල, රැස්‌වෙහෙර යන ප්‍රදේශවල ඇති කරන අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන වැඩි කිරීම සංචාරක ව්‍යාපාරයට බෙහෙවින් වැදගත්වන බවත් සඳහන් කළේය.

මෙම අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන ඇති කිරීම සඳහා රුපියල් මිලියන 1000 ක මුදලක්‌ මේ වසරට වෙන්කර දී ඇතැයි කී ඇමැතිවරයා මෙම මධ්‍යස්‌ථාන මෙම වසරේදීම ආරම්භ කෙරෙන බව පැවසීය.

මෙමගින් අලි මිනිස්‌ ගැටුම අවම කිරීමට හැකිවනු ඇති බවත් අලින්ගේ වාසස්‌ථාන ක්‍රමයෙන් අඩුවී යැම මෙම ගැටුමට හේතුවී ඇති බවත් අලින් ගම්මානවලට පැමිණීම වැළැක්‌වීමට විදුලි වැටවල්, ජීව වැටවල් ආදිය සකස්‌ කෙරෙන බවත් කීවේය.

සියයට 41 ක්‌ තිබූ වන ගහනයෙන් ඉතිරිව ඇත්තේ සියයට 20 තරම් ප්‍රමාණයක්‌ බවත්. මෙම වනාන්තර ප්‍රමාණය අද සිටින අලි ගහනයට ප්‍රමාණවත් නොවන බවත් මේ තුළින් අලි මිනිස්‌ ගැටුම නිර්මාණය වී ඇති බවත් සඳහන් කළ ඇමැතිවරයා මෙම ගැටුම් අවම කිරීමට හැකි සෑම පියවරක්‌ම ගන්නා බවත් පැවැසීය.

මෙම අවස්‌ථාවට අමාත්‍යාංශ ලේකම් උදේනි වික්‍රමසිංහ, වනජීවී අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක. ගොවිජන සේවා කොමසාරිස්‌ ජනරාල් රවින්ද්‍ර හේවාවිතාරණ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ රන්ජන් ධර්මවර්ධන යන මහත්වරු සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක්‌ එක්‌වූහ.


http://www.divaina.com/2012/01/21/news26.html

Sunday, January 29, 2012

Court of Appeal takes up case on baby tuskers Sindu and Raju


The Writ Application filed by the Animal Welfare Trust in September 2009 for relief in the forcible separation of two baby tuskers Sindu and Raju from their mothers, by offering them to the Malwatte and the Asgiriya Chapters, was taken up before the Court of Appeal recently. At the time of their removal the baby tuskers were under three years of age. Experts state that elephant calves should not be removed from the mothers until they reach at least five years of age. Early removal is said to lead to many complications both for the babies and the mothers, including violent behaviour at later stages.

The writ application was filed on the basis that the removal of Sindu and Raju at a very tender age is contrary to law and all local and international regulations. Consequent to submissions made by counsel for the Trust Attorney-at-Law Chrishmal Warnasuriya, Justice Marasinghe issued notice on the respondents to appear in court on March 1. The respondents included the Cabinet of Ministers, the Diyawadana Nilame of the Sri Dalada Maligawa and several government authorities including the Director General of the Wildlife Department and the Director of the Zoological Gardens.

Since nearly two and a half years have lapsed after filing the application, an amended prayer sought a court order directing the relevant authorities to formulate comprehensive regulations to protect Sri Lanka’s elephants, particularly as regards the manner in which elephants could be identified, captured, removed or transferred or to be gifted or donated within and outside the country.

Elephants are daily being increasingly subject to many abuses, especially removal from their habitats contrary to law and the cruel and inhumane treatment meted out to them by those responsible for their custody. Several are the instances where they have been the victims of "hakka patas" a trap which leads to an extremely painful death. Shooting elephants to recover tusks, reportedly at the behest of influential and powerful persons has become a further matter for concern.

Animal rights activists allege that Sindu and Raju too have been subject to severe cruelty since their removal from their mothers.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=44227