Thursday, October 20, 2011
අලි පුරාණගම නිවාස 5ක් කඩති
කරුණාරත්න ගමගේ සහ මනම්පිටිය - ජයකොඩි
මනම්පිටිය පුරාණ ගමේ පිහිටි නිවාස 05 ක් පෙරේදා (15 දා) අලුයම අලින් විසින් කඩා බිඳ හානි සිදු කොට තිබේ.
එක් තාවකාලික නිවෙසක් මුළුමනින්ම කඩා බිඳ දමා ඇති අතර අනෙක් නිවෙස්‌වල බිත්ති කඩා බිඳ වී, සහල්, ලුණු ආදිය ආහාරයට ගෙන ඇත.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලින් ආහාර සොයා මෙසේ ගම්වැදීම දිනෙන් දින වැඩිවී ඇතැයි ගම්වාසීහු පැවසූහ. අලි ගම්වැදීම වැළැක්‌වීම සඳහා විදුලි වැටක් ඉදිකර දෙන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය ප්‍රදේශයේ මහවැලි ගඟෙන් වැලි ගොඩදැමීම සහ එ ආශ්‍රිත කලාපයේ ගඩොල් කැපම වැනි මිනිස් ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යැම නිසා අලින්ට වාසභූමි අහිමි වී ඇති බවත්, මේ හේතුවෙන් අලි ගම්වැදීම වැඩිවී තිබෙන බවත් වනජීවී නිලධාරීහු කියා සිටිති.
http://www.divaina.com/2011/10/17/news13.html
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment