පසුගිය වසරේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පසුගිය වසරේදී එම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 651 ක ආදායමක් වාර්තා කර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එහිදී දෙහිවල සත්වෝද්‍යානයෙන් රුපියල් මිලියන 163 ක්ද පින්නවල අලි අනාථාගාරයෙන් රුපියල් මිලියන 487 ක්ද ලැබී තිබෙන බව සඳහන් කරන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඊට අමතරව අනකුත් සත්වෝද්‍යාන වලින් රුපියල් මිලියන 16 ක ආදායමක් ලබා තිබෙන බවද කියා සිටී.
මෙම ආදායම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලැබූ ඉහළම ආදායම බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.
එම වසරේදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 1,689,712 ක්ද විදේශීය සංචාරකයන් 20,396 ක්ද පැමිණ තිබෙන අතර පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 463,982 ක් සහ විදේශීය සංචාරකයින් 264,452 ක් පැමිණ තිබේ.
ඒ අනුව පසුගිය කාලය සමඟ සසඳා බලන කළ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් සත්වෝද්‍යාන නැරඹූ වර්ෂය ලෙස පසුගිය 2011 වසර ඉතිහාසයට එක්වන බව පවසන භාෂ්වර ගුණරත්න මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 824 ක් වෙනකර තිබෙන බවද මේ වසරේදී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 914 ක් වෙන්කර තිබෙන බවද කියා සිටී.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික සත්වෝද්‍යාන තුළ සතුන්ගේ මෙන්ම නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් 2011 වර්ෂයේදී ආරමිභ කර තිබෙන අතර මේ වන විට එම කටයුතු රැසක් අවසන් කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.
දෙහිවල සත්වෝද්‍යානය තුළ පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එය මේ වසර අවසන් වීමට ප්‍රථම අවසන් ඛ්ලමට අපේක්‍ෂිතය. ප්‍රතිකේෂ්ප කරන ලද පැටවුන්, නිසි මසට පෙර උපදින පැටවුන්, රෝගී තත්ත්වයේ පසුවන පැටවුන් ආදී විවිධ පීඩාවන්ට පත්වු කුඩා සත්ත්ව පැටවුන් රැක ගැනීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා අන්තර් ජාතික ප්‍රමිතියට අනුව මෙම මධ්‍යස්ථානය ඉදි කරනු ලැබේ.
ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 33 කි.
මීට අමතරව දෙහිවල සත්වෝද්‍යානය තුළ ඉදිවන රයිනෝ ප්‍රදර්ශන කලාපය වැදගත් තැනක් ගන්නා අතර අන්තර් ජාතික මටිටමින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති වටිනාකමින් වැඩිම සත්ත්ව කොට්ඨාසය ලෙස රයිනෝ සත්ත්ව කොට්ඨාසය හැඳින්වේ.
http://www.dinamina.lk/2012/01/06/_art.asp?fn=n1201064
No comments:
Post a Comment