හීලෑ අලි අවශ්‍ය පෙරහැර කර්මාන්තයට බව නිලන්ග දෑල බණ්ඩාර මහතා ප්‍රමුඛ හීලෑ අලි හිමියන්ගෙ සන්ගමය පුන පුනා පැවසුවද පසුගියදා බන්ඩාරගම ප්‍රදේශයේ කොටන් අදින්න ගෙනා අලියෙකු කුලප්පු වූ පුවතක් දකින්නට ලැබුනා.(හිරු නිව්ස්) එම වීඩියෝවට අනුව කොටන් අදින්න ගෙනා අලිය පටු පාරක් දිගේ යෑමේදී කුලප්පුවී ඇති අතර එම මගෙහි පැමිනි ලොරි රථයකට පහරදීමෙන් පසුව ඇත්ගොව්වා සැගවුනු නිවසටද පහර දී ඇත. ඉන්පසුව පැමිණි වෙනත් ඇත්ගොව්වන් පිරිසක් අලියා මෙල්ලකර ඇති අතර ගස් බැද සිටි අලියා පිටුපස පාද දෙක එකට තබා ගැට ගෙසීමෙන් පසුව ඉතා අපහසුවෙන් ඇවිදගෙන යන අයුරු සිත කම්පා කරවයි. නිලන්ග දෑල බණ්ඩාර මහතා ප්‍රමුඛ හීලෑ අලි හිමියන්ගෙ සන්ගමය පවසන හීලෑ අලින්ගේ සුභසුද්ධිය මෙයදැයි අමට සිතේ..
No comments:
Post a Comment