ජගත් කණහැරආරච්චි
හොරෙන් රඳවාගෙන සිටි අලි පැටවකු ඊයේ (8 දා) පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් පෞද්ගලික නවාතැනකට
පිටමං කරද්දී වනජීවී වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින්
සැකකරුවන්ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ පෙරවරුවේ මෙම අලි පැටවා පශු වෛද්‍ය පීඨයේ පශු ශික්‌ෂණ
රෝහලෙන් පිටමංකර පා ගමනින් ගෙන ගොස් ගන්නෝරුවේ පැරණි
නිවාසයක රඳවන්නට තැත් කරද්දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 5 වැනිදා මෙම පැටවා සමඟ තවත් වැඩුණු අලියෙකු පශු
ශික්‌ෂණ රෝහලට ගෙනැවිත් එම වැඩිහිටි අලියා කලින් රැගෙන
ගොස් තිබූ අතර පැටවා මෙසේ රහසේ පිටමං කර ඇත.
අලි පැටවා ගන්නෝරුව රණබිම පිහිටි අදාළ නිවසින් සොයාගන්නට
පෙර පශු ශික්‌ෂණ රෝහල් අංශාධිපති වෛද්‍ය අශෝක දංගොල්ල
මහතාගෙන් වනජීවී නිලධාරීන් ප්‍රශ්න කරද්දී ප්‍රකාශ කර
ඇත්තේ දින තුනකුට පෙර පැටවා නිදහස් කරගෙන ගිය බවකි.
එහෙත් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඊයේ පෙරවරුවේ අලි
පැටියා රහසේ පිටමං කළ බවකි.
"මගේ අත් පිරිසිදුයි. මම හොර අලි රඳවාගෙන හිටියේ නැහැ.
පැටියා දින තුනකට පෙර නිදහස් කළා" ඔහු මාධ්‍යයට පිළිතුරු
දුන්නේය.
එහෙත් ඊයේ පෙරවරුවේ පරිසරවේදීන් අලිපැටියා හඹා ගොස්
වනජීවී වැටලීම් ඒකකයට ලබාදුන් තොරතුරු අනුව රණබිම
ප්‍රදේශයේදී පැටවා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පරීක්‍ෂණ තවදුරටත් පැවැත්වේ.
වැටලීම භාරව ක්‍රියා කළ වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.
ඒ. ඒ. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාගෙන් "දිවයින" කළ විමසීමේදී
කියා සිටියේ අලිපැටවා වනජීවී අත්අඩංගුවට පත්කළ බවත් සැකකාර
ඇත්aගොව්වා සමඟ අලි පැටවාගේ හිමිකරු වශයෙන් පෙනී සිටි
කන්නන්ගර නමැත්තා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා මහනුවර
උසාවියට ඉදිරිපත් කරන බවත්ය.
http://www.divaina.com/2014/05/09/news16.html
No comments:
Post a Comment