Friday, May 9, 2014

අනවසර අලි ඉන්න තැන් මැතිසබේත් රැව්දෙයි


'නඩුකාරයගේ ගෙදර තියා කාගෙවත් ගෙදරක අනවසර අලි තියාගන්න බෑ'
- වනජීවී සම්පත් සංරක්‌ෂණ ඇමැති කියයි

"ඔය තරම් ඕක ගැන කියන්න යන්න එපා
එතකොට ඉන්න තැන්වලින් අලි රහත්වේවි"
- කථානායක කියයි

අජිත් අලහකෝන් - අකිත පෙරේරා




ශ්‍රී ලංකාවේ අලි ජාවාරමක්‌ සහ සමස්‌ත මහා ජාන කොල්ලයක්‌ ක්‍රියාත්මක වන බව වනජීවී සම්පත් සංරක්‌ෂණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අද උදෙත් අනවසරයෙන් තියාගෙන ඉන්න අලි පැටියෙක්‌ මගේ නියෝගයෙන් අල්ලා ගත්තා. ගෙවල්වල අනවසර අලි තියාගෙන ඉන්නවා නම් අපිට ඔත්තුව දෙන්න. අපි ක්‍රියාත්මක වෙනවා යෑයි ඇමැති සොයිසා මහතා ප්‍රකාශ කළවිට අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී පී. හැරිසන් මහතා (එජාප) අනවසරයෙන් අලි පැටවුන් තබාගෙන සිටින ස්‌ථාන පහක්‌ ඇමැතිවරයාට ඉදිරිපත් කළේය.

ඇමැතිතුමනි මහරගම දේවාල පාරේ චූටි මහත්තයාගේ ගෙදර, මහරගම විපස්‌සනාරාමය හෙවත් පුවක්‌පිටිය පන්සල, කෝට්‌ටේ පියසේන අමරතුංග නිවස, හොරණ වාසනා බේකර්ස්‌ නිවස සහ කොටුව මහෙස්‌ත්‍රාත්වරයාගේ මහරගම නිවස යන ස්‌ථානවල අලි හෝ ඇතුන් අනවසරයෙන් තබාගෙන ඉන්නවා... පුළුවන්නම් අල්ලන්නැයි" ඇමැතිවරයාට අභියෝග කළේය.

"නඩුකාරයාගේ ගෙදර තියා කාගෙවත් ගෙදර අනවසරයෙන් අලි තියාගන්න බෑ. ඔය කා ගාව හිටියත් ඉදිරි සති කීපයේදී මෙහෙයුම් කරලා ඒ අලි පැටව් අල්ලා ගන්නවා යෑයි ඇමැති විජයමුනි සොයිසා මහතා කීවේය.

ඔය තරම් ඕක ගැන තොරතුරු කියන්න එපා. එතකොට ඉන්න තැනින් අලි පැටව් රහත් වේවි යෑයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා කීවේය.
  

http://www.divaina.com/2014/05/09/news01.html

No comments:

Post a Comment