Friday, May 9, 2014

හැඩඔයේ වළකට වැටුණු අලි පැටවා මරුට

දඩයම්තලාව - පී. ජයසිංහ

ලාහුගල වනෝද්‍යානයට අයත් හුලංනුගේ හැඩඔය ප්‍රදේශයේ දී වළකට අලි පැටවකු වැටී මියගොස්‌ සිටියදී සොයාගත් බව ලාහුගල වනජීවී කාර්යාලය පවසයි.

ලාහුගල වනජීවී නිලධාරීන් විසින් මේ සම්බන්ධව අම්පාර වනජීවී කාර්යාලයට දැනුම්දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ පරීක්‍ෂණයක්‌ පවත්වා මියගිය අලි පැටවාගේ වයස අවුරුදු දෙකහමාරක්‌ වන බවත්, අලියා ජලය බීම සඳහා වළ ළඟට පැමිණීමෙන් පසුව ලිස්‌සා වළට වැටීමෙන් දින කීපයක්‌ ගොඩට ඒමට අපහසු වීමෙන් මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.


http://www.divaina.com/2014/05/08/provin07.html

No comments:

Post a Comment